ජනතාව කුපිත වෙයි - ඇමැති කනක හේරත්ට ගෑස් සිලින්ඩර් ප්‍රහාරයක්!
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාට ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගෙන් බරපතළ විරෝධයක් එල්ල වී තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද උදෑසන කෑගල්ල රංවල හන්දිය පසුකර යාමේ දී ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි ජනතාව ඔහු ගමන් ගත් රථයට විරෝධය දක්වා තිබෙනවා.
මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සහ දරා ඇති අතර එහිදී ගෑස් පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඔහු අත තිබූ ගෑස් සිලින්ඩරයකින් එම රථයට පහර දුන් බවයි වාර්තා වන්නේ.
ජනතාව කුපිත වෙයි - ඇමැති කනක හේරත්ට ගෑස් සිලින්ඩර් ප්‍රහාරයක්!
2022-03-21T19:53:00+05:30
Gossip Lanka Hot News





