හෙටින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මෙම අමාත්‍යවරයා පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකර ඇති අයකු වන අතර ඒ හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග මතගැටුම් ඇතිකරගෙන සිටින අයකු ලෙස සැලකේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවේදී තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට මෙම අමාත්‍යවරයා සැලසුම් කොට ඇති බවද දැනගන්නට තිබේ.
