gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ මැති ඇමතිවරු 6ක් ඉන්න කඩුවෙලට බාර් එකකට අනුමැතිය දීලා!

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු 6ක් සිටින කඩුවෙල ආසනයේ සුරා සැලක් සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතුව තිබෙනවා.

කඩුවෙල පහල බෝමිරිය දියකඩිත්ත හන්දිය ප්‍රදේශයේ බියර් හලක් ආරම්භ කිරීමට මෙලෙස අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමින් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මැද බියර් හල වසා දමා ඇති බව වාර්තා වෙනවා.

එම තීරණය සම්බන්ධයෙන් යලි සලකා බැලීමට බලධාරීන් පැමිණි එකඟතාවය නිසා විරෝධය නතර කොට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බියර්හල පිහිටුවීම පිළිබඳව මහජන විරෝධයක් නොමැති යැයි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ඉදිරිපත් කළ වාර්තාව නිසා මෙයට අනුමැතිය ලැබී ඇති බවත් එය බරපතල වරදක් බවත් කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේ පතිරණ මහතා පැවසුවා.

ඒ මහතා තවදුරටත් සඳහන් කර සිටියේ ග්‍රාමීය කමිටුවට ඉදිරිපත් නොකර එවැනි තීරණයක් ගැනීමට ග්‍රාම නිලධාරීවරයාට බලයක් නොමැති බවයි.

කෙසේවෙතත් ග්‍රාම නිලධාරී ගාමිණි සේනාරත්න මහතා පැවසුවේ මහජන විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැන්වීම් ද අලවා මහජනතාව දැනුවත් කළ බවත් විරෝධතාවක් නොලැබුණු නිසා මෙතෙක් විරෝධතාවක් නොමැති යැයි වාර්තා කළ බවයි.

මෙම බියර් හල ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇති ස්ථානයට ආසන්නයේ විහාරස්ථාන දෙකක් සහ පාසලක් ද පිහිටා තිබෙනවා.

කඩුවෙල ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් 6 දෙනෙකු සිටින අතර ලංකාවේ වැඩිම ජන්දදායකින් සිටින ආසනය මෙය වෙනවා.

ඒ අනුව බියර් හලක් ආරම්භ කිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සිටින දේශපාලනඥයින් වගකිව යුතු බවයි ජනතාව සඳහන් කරන්නේ.

-ඒෂියන් මිරර්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka