යුක්රේනයේ අවතැන් වුණු ශ්‍රී ලාංකිකයන් 37ක් පෝලන්තයට… අදත් 05ක් ඇවිත්!
යුද්ධය නිසා අතරමං වූ ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙක් මේ වනවිට පෝලන්ත දේශ සීමාවට පැමිණ ඇති බව පෝලන්ත තානාපතිනිය ධම්මිකා කුමාරි සේමසිංහ පැවසුවාය.
“ශ්‍රී ලාංකිකයන් 37ක් යුක්රේනයේ සිට පෝලන්තයට ඇවිත් තියනවා. ඔවුන් ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නෙ. අද දවසේ ශ්‍රී ලාංකිකයන් 05ක් පෝලන්තයට ඇතුළු වෙලා තියනවා. ඒ අය මේ වනවිට තානාපති කාර්යාලයේ රැඳී ඉන්නවා.“
“ශ්‍රී ලංකාවට ඒමට කැමැත්ත පල කළ පිරිස් අතරින් සිසුවියක් හෙට දිනයේ දී වෝසෝ නගරයට රැගෙන විත් ලංකාවට පිටත් කරනවා. මේ අවට ඇති එකම ජාත්‍යාන්තර ගුවන් තොටුපල තියෙන්නෙ වොර්සො නගරයේ. “ ඇය කීවාය.
යුක්රේනයේ දී අවතැන් වූවන්ට පෝලන්තයෙහි දේශ සීමා විවෘත කර අවශ්‍ය කාලයක් රැඳී සිටීම අවස්ථාව සලසා ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී බටහිර යුරෝපීය රටකට යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පවා ලබා දී ඇති බවත් ඇය පැහැදිලි කළාය.
යුක්රේනයේ අවතැන් වුණු ශ්‍රී ලාංකිකයන් 37ක් පෝලන්තයට… අදත් 05ක් ඇවිත්!
2022-03-01T16:25:00+05:30
Gossip Lanka Hot News





