ජී.එල්. පීරිසුත් හෙට ඉල්ලා අස්වෙයි! නිවේදනය නිකුත් වෙයි!
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා හෙට (23) සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරන අතර ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නව අමාත්‍යංශයක වැඩ භාර ගැනීම සඳහා ජී.ඇල්.පීරිස් මහතා මෙලෙස ඉල්ලා අස්වන බවයි.
ජනාධිපති ලේකම්වරයා සදහන් කරන්නේ ජී.ඇල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි.
ඒ අනුව මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා මෙතැන් පටන් ‘විදේශ අමාත්‍යවරයා’ ලෙස නොව ‘විදේශ කටයුතු අමාත්‍යවරයා’ ලෙස කටයුතු කරනු ඇත.
ජී.එල්. පීරිසුත් හෙට ඉල්ලා අස්වෙයි! නිවේදනය නිකුත් වෙයි!
2022-03-22T13:36:00+05:30
Gossip Lanka Hot News






