gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ සල්ලිවලින් තමන්ට චූන් වෙන්න බජව් කණ්ඩායමක් හදපු හිටපු ලොක්කෙක්ගේ කෙරුවාව!

රජයේ එක්තරා ආයතනයක හිටපු ප්‍රධානියකු එම ආයතනයේ කටයුතු කළ සමයේදී ඔහු සහභාගිවූ උත්සව සඳහා සංගීතය සැපයීමට 15 දෙනකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් පත් කරගෙන ඔවුන්ට වැටුප් ගෙවා ඇති බව වාර්තා වෙයි.

එසේම එම සංගීත කණ්ඩායම පුහුණු කිරීම සඳහා පුහුණුකරුවකු පත්කරගෙන ඔහුටද වැටුපක් ගෙවා ඇති බව එම ආයතන ආරංචිමාර්ග පවසයි.

මේ ආයතන ප්‍රධානියා මෑතකදී වෙනත් ආයතනයක මුල් පුටුවකට මාරුවීම් ලබා ගොස් සිටින නමුත් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සහ පුහුණුකරු තවදුරටත් ඒ ආයතනයේ නිකරුණේ රැඳී සිටිමින් වැටුප් ලබන බව දැනගන්නට ලැබේ.

එසේම මෙම ප්‍රධානියා සිය ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂකයන් 6 දෙනකුද රජයේ වියදමින් යොදවා ගෙන සිටින බවද වාර්තා වෙයි.

පුද්ගලයකුගේ හුදු විනෝදාස්වාදය සඳහා සංගීත කණ්ඩායමක් පත් කරගෙන මෙලෙස කටයුතු කිරීම විශාල මුදල් නාස්ති කිරීමක් බව එම ආයතනයේ සේවකයෝ සඳහන් කරයි.

උපුටා ගැනීම : dawasenews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka