"විදුලිය ඇමෙරිකාවට, ඉන්ධන ඉන්දියාවට, මුහුද චීනයට විකුණලා" - ආණ්ඩුව අත්සන් කරපු ආන්දෝලනාත්මක ගිවිසුම් හරීන් හෙළිකරයි (VIDEO)
ජනතාව ඉන්ධන ලබා ගැනිමට පෝලිමේ සිටින වීට ආණ්ඩුව ඩීල් එකට සුදානම් වෙමින් සිටින බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු කියා සිටින්නේ සේවකයන් හතර දෙනෙක් පමණක් සිටීන ඩුබායි රාජයේ ආයතනයකින් ඉන්ධන මිලදි ගැනීමට කැබිනට් අනුමැතිය හිමී වි ඇති බවත් එහිදී ඉන්ධන මිල දී ගැනිමේ දී ගෙවීම් සිදු කරනුයේ 50% ඩොලර් වලින් හා අනෙක් 50% රුපියල් වලින් බවයි.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටින්නේ රුපියල් වලින් ඉන්ධන ලංකාවට ලබා දෙන්නේ කවුරුන් විසින් ද, යන්නයි.
මෙම ගණුදෙනුව මගින් කලු සල්ලි සුදු කිරීමට සුදානම් වන බව මන්ත්‍රීවරයා පැවසීය.
ඉදීරියේදී විදුලි බිල 500% කින් ආණ්ඩුව වැඩි කරන බව ද, මෙහිදී කියා සිටියේය.
69 ලක්ෂයේ ජනතාව රවටා බලයට පත්වු ආණ්ඩුව විදුලිය ඇමෙරිකාවට , ඉන්ධන ඉන්දියාවට හා මුහුද චීනයට ලබා දෙමින් සිටින බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය.
තව දුරටත් කියා සිටියේ සිංහල අලුත් අවුරුද්දෙන් පසුව පාරට පැමිණෙන්නේ නැවත ගෙදර යාමට නොව ආණ්ඩුවේ හොරුන් ගෙදර යාමට බව කියා සිටි මන්ත්‍රීවරයා රටේ සියලුදෙනාට පක්ෂ පාට නොබලා රට බේරා ගැනිමට එක්වන ලෙස ද, ආරාධනා කළ සිටියේය .
සටහන – CJ
"විදුලිය ඇමෙරිකාවට, ඉන්ධන ඉන්දියාවට, මුහුද චීනයට විකුණලා" - ආණ්ඩුව අත්සන් කරපු ආන්දෝලනාත්මක ගිවිසුම් හරීන් හෙළිකරයි (VIDEO)
2022-03-22T13:45:00+05:30
Gossip Lanka Hot News






