gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැති ඇමතිලා පිරිසක් රටහැර යන්න හදයි... ලන්සා-රොෂාන් දැනටත් රට!

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් රටට ඉදිරියේදී අත්වීමට නියමිත බරපතල ආර්ථික අර්බුද හා විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ.

ඒ අතර ආණ්ඩුව ගැන දැඩිව කලකිරුණ අයද ඇතැයි පැවසේ.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාස තුනක කාලයක් සඳහා මේවන විටත් ජපානයට ගොස් සිටින අතර ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාද විදේශයකට ගොස් සිටින්නේය.

රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා නිවාඩුව පාර්ලිමේන්තුවද පසුගියදා අනුමත කර ඇති බවද පැවසේ.

අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින නිමල් ලන්සා මහතා මේවන විට සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බවද වාර්තා වේ.

කෙසේවුවද ඒ මහතා අද රාත්‍රියේ නැවත ලංකාවට පැමිණීමට නියමිත බවද පැවසේ.

ලන්සා මහතා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා එම අමාත්‍යංශයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනපතිවරයාට ලිපියක් යොමුකළ අතර ඉන් පසුව ඔස්ට්‍රේලියාව බලා කෙටි කලකට යාමට සැලැසුම්කර තිබුණද එය නවත්වා ඇත්තේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ මහතාට ඕස්ට්‍රේලියාවේ නිවසක් ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර ඇමැති තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත්වී විදේශගත වන බවට සිය හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාද දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීම සඳහා පසුගියදා පිටත්ව ගියේය.!


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka