gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් හදිසියේම ඇමරිකාවට යයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉදිරි සති කිහිපය තුළ හදිසියේ ඇමරිකාව බලා පිටත්වීමට සූදානම් වන බව අනාවරණය වේ. මුදල් ඇමතිවරයා මෙම හදිසි සංචාරයේ යෙදීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝකබැංකුව සමග මෙරටට ණය ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමටය.

රටේ විදේශ විනිමය සංචිත අතිශය අවධානම් කාරී ලෙස පහත වැටීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ක්‍රියා කිරීම නිසා දැඩි කොන්දේසිවලට යටත්වීමට සිදුවනු ඇති බව මේ වනවිට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබේ. කවර කොන්දේසි යටතේ හෝ ණය ගැනීමට අපේක්ෂා කළද අදාළ මූලික ගිවිසුම් සඳහා අවම වශයෙන් තව මාස තුනක්වත් ගතවනු ඇති බව එම විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

අප්‍රේල් මස ආරම්භයත් සමගස වොශින්ටන් නගරයට ගොස් නිල වශයෙන් සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය මූලික පසුබිම මේ වනවිටද සකස් කෙරෙමින් පවතින බව ආණ්ඩුවේ ආරංචිමාර්ග වලින් හෙළි වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka