gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හවුල්කාර පක්ෂ ඉවත් කළ “පිරිසිදු පොහොට්ටු ආණ්ඩුවක්“ – බැසිල් තීරණය කරලා

පොහොට්ටුවේ පිරිසිදු ආණ්ඩුවක් පිහිටුවීමට පොහොට්ටුවේ නිර්මාතෘ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

පොහොට්ටුව සතුව මන්ත්‍රීවරුන් 120කට ආසන්න සංඛ්‍යාවක් සිටින බැවින්  මේ තීන්දුව ගත හැකි බව ඔහු පෙන්වා දී ඇත.

ආණ්ඩුවට සහාය දැක්වූ පක්ෂ 11 ඉවත්වීමේ සූදානම සන්නිවේදනය වීමත් සමග ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්කර තනි ආණ්ඩුවකට යෑම කළ හැකි ප්‍රායෝගිකම දේ බවට සාකච්ඡා වෙමින් ඇතැයි වාර්තා වේ.

රජය තුළ සිට රජය විවේචනය කරමින් සිටිනවාට වඩා එළියට බැස ඔවුන්ට විපක්ෂයේ කාර්ය කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවට පොහොට්ටුවේ සාමාජිකයන්ගෙන් කලක සිට ඉල්ලීමක් තිබිණි.

කෙසේ වෙතත් ඊයේ ප්‍රකාශයක් කරමින් හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල කීවේ ආණ්ඩුවේ බහුතරය තමන් සමග බවත් වාචිකව නොව ප්‍රායෝගිකව ද එය පෙන්විය හැකි බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka