gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩීසල්-පෙට්‍රල් ප්‍රමිතිය ගැන ජනතා විරෝධය – සිවිල් සංවිධාන ප්‍රමිති ආයතනයටත් යයි

මේ වන විට ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කෙරෙන ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගියකයින් අතර විරෝධයක් එල්ල වෙමින් පවතී. නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයක එවැනි විරෝධතා පැවැත්විණි.

මේ අතර, ඩීසල් සහ පෙට්‍රල්වල ප්‍රමිතිය පිළිබඳව පිළිගත හැකි වාර්තාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් අද (මාර්තු 28) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

අප වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, එසේ වුව ද ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට සිය ආයතනයට බලයක් නොමැති බව ප්‍රමිති ආයතනය ප්‍රකාශ කළ බව ය.

මේ වන විට නිකුත් කෙරෙන ඉන්ධනවල කාර්යක්ෂමතාව අඩු වී ඇති බවට සහ ප්‍රමිතිය අඩු වී ඇති බවට දිවයින පුරා ඉන්ධන පාරිභෝගිකයින් සිදු කරන චෝදනා හේතුවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ඔහු පැවසීය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස බලයලත් ආයතනයක් වෙත එම පැමිණිල්ල යොමු කරන්නේ ද? යන්න පිළිබඳව අප කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, ඊට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ය.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ද විමසීමක් කළේ ය.

එහිදී එම ආයතනයේ ඉන්ජිනේරු ප්‍රමිතිකරණ අංශයේ අධ්‍යක්ෂ සුනන්ද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, තම ආයතනය වෙත පැමිණ අදාළ සිවිල් සංවිධාන පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තම ආයතනය බලයක් නොමැති බවට ඔවුන් වෙත දැනුම් දුන් බව ත් අදාළ පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ත් ඔහු පැවසීය.

ඒ අනුව, එම පැමිණිල්ල බලයලත් ආයතන වෙත යොමු කිරීමට පියවර ගන්නා බව එම සංවිධානවලට ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේ ය.

ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා බලය ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බව ය. එසේ නොමැති නම්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරට ත් පැවසීය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka