EXCLUSIVE : පළාත් සභා නවයේම සුපිරි වාහන හිටපු ලොක්කන් ගෙදර අරන් ගිහින්! සමහර වාහන නෝනලා ළඟ!
පළාත් සභා සියල්ලටම වෙන් කර දී තිබූ සුපිරි රථවාහන මේ වනවිට ඒවායේ නිලතල දැරූ හිටපු මහඇමැතිවරුන්, හිටපු ඇමැතිවරුන්, හිටපු ප්‍රධාන නිලධාරීන් විසින් රැගෙන ගොස් ඇති බව මේ වනවිට අනාවරණය කොටගෙන ඇත.
ඒ අනුව එම ඇතැම් වාහන හිටපු මැතිඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන් විසින් ප්‍රයෝජනයට ගනිමින් සිටින බවද ඒ පිළිබද සොයා බැලූ කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන තිබේ.
පළාත් සභා වාහන සංචිතය සතුව සුපිරි වාහන රැසක් තිබී ඇති අතර මේ වනවිට ඒවාට සිදුවූයේ කුමක්දැයි සොයාබැලීමට කළ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇති බව පැවසේ.
දැනටමත් මේ පිළිබද සවිස්තර වාර්තාවක් එම විමර්ශන කණ්ඩායම් විසින් ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත ලබා දී ඇති බවද වාර්තා වේ.
EXCLUSIVE : පළාත් සභා නවයේම සුපිරි වාහන හිටපු ලොක්කන් ගෙදර අරන් ගිහින්! සමහර වාහන නෝනලා ළඟ!
2022-03-28T09:10:00+05:30
Gossip Lanka Hot News





