ආණ්ඩුවට සිදුවන “ගෑස් අනතුරු“ වළක්වා ගන්න මැති ඇමතිවරුත් ඇතුළත් 50ක කමිටුවක්!
ගෑස් හිඟය හේතුවෙන් අවුරුදු වකවානුව තුළ කැළඹීමක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ආණ්ඩුවේ පාර්ලිමේන්තු නියෝජිතයන් පනහකගෙන් යුතු විශේෂ කමිටුවක් පත් කර ඇතැයි වාර්තා වේ.
මෙම පිරිසට තම තමන්ගේ පළාත්වල ගෑස් බෙදා හැරීම, ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථාන සමග සම්බන්ධ වී අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම පිළිබඳ වගකීම් පවරා ඇතැයි දැනගන්නට ඇත.
කෙසේ වෙතත් බුද්ධි වාර්තා දක්වා තිබුණේ පවතින තත්ත්වය තුළ කිසිම රජයේ නියෝජිතයෙක් ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව රැස් වී සිටින ස්ථාන ආශ්‍රිතව ගැවසීම සුදුසු නැති බවය.
ආණ්ඩුවට සිදුවන “ගෑස් අනතුරු“ වළක්වා ගන්න මැති ඇමතිවරුත් ඇතුළත් 50ක කමිටුවක්!
2022-03-28T11:07:00+05:30
Gossip Lanka Hot News





