gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩග්ලසුත් කෝටියකට ආසන්න විදුලි පොල්ලක් තියලා!

ඊ.පී.ඩී.පී. නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා රුපියල් අනූහත් ලක්ෂයක් වූ සිය විදුලි බිල නොගෙවා ඇති බවත්, එසේ තිබියදීත් මෙතෙක් ඔහුගේ විදුලිය විසන්ධි කර නැති බවත්, ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් අනාවරණය කර තිබේ.

මේ අනුව විදුලිය සඳහා අමාත්‍යවරයා විසින් ගෙවිය යුතු මුදල වන්නේ (97,36,677) අනූහත් ලක්ෂ තිස් හයදාස් හයසිය හැත්තෑ හතකි.

ඊ.පී.ඩී.පී. කාර්යාලය, ස්ටැන්ලි පාර, යාපනය යන ලිපිනයට අදාළ විදුලි බිල්පත මෙසේ නොගෙවා ඇති බව රංජන් ජයලාල් මහතා හෙළිකර ඇත.

මීට පෙර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ එක් කෝටි විසි පන් ලක්ෂයක නොගෙවූ විදුලි බිලද තමා විසින් හෙළිදරව් කිරීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂා කෙරුණු අතර ඉදිරියේදී තවත් ඇමැතිවරුන්, මන්ත්‍රිවරුන් නොගෙවූ විදුලි බිල් පිළිබඳව හෙළිදරව් කිරීමට තමා සූදානම් බවත් ඒ මහතා කියා සිටී.

විශේෂයෙන් විදුලි බිල් පිළිබඳව පරීක්ෂා කරන හා ඒ තොරතුරු හෙළිකරන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට විවිධ බලපෑම් සිදු වී ඇති බවත් මෙම වැටලීම් සියල්ල සොයා බැලීම් කළ යුතුව තිබෙන්නේ වෘත්තිය සමිතිවලට බවත් ඒ මහතා අවධාරණය කර තිබේ.

මූලාශ්‍රය - මව්බිම


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka