අමාත්‍යවරයකු රටේ ඉන්ධන මිල නොදැන සිටීම ලැජ්ජා විය යුතු කරුණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මෙයට හේතුව වී තිබුනේ ඊයේ දිනයේ පෞද්ගලික නාලිකාවක විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වූ අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ වන විට ඩීසල් මිල, පෙට්‍රල් මිල හෝ ගෑස් මිල පිළිබඳව නොදැන සිටීමයි.
කැබිනට් අමාත්‍යවරයකු ජනතා සංවේදී භාණ්ඩ වල මිල නොදැන සිටීම ඉතාමත් කණගාටුදායක කරුණක් වන බවත් එය ලජ්ජා විය යුතු හේතුවක් බවත් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.
ඊයේ විකාශය එ වැඩසටහනේ දී අමාත්‍යවරයා සමඟ ඇති වූ සංවාදය පහතින්
