බවුසර් තෙල් අරන් යන එක අද රෑ සිට නවත්වයි! හෙට ඉඳන් ආපහු තෙල් නැති වන ලකුණු!
අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් වැඩි කළ යුතු බව පවසමින් ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට ඛණිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන මිල සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවද්දී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අද ඩොලර් සියයකටත් වඩා අඩු අගයකට පහළ ගියේය.
ඒ, සියයට 8 කින් මිල පහළ යමිනි.
අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94 ක මට්ටමක පැවති අතර බ්‍රිතාන්‍යය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 ක මට්ටමක පැවතිණ.
බවුසර් තෙල් අරන් යන එක අද රෑ සිට නවත්වයි! හෙට ඉඳන් ආපහු තෙල් නැති වන ලකුණු!
2022-03-15T22:10:00+05:30
Gossip Lanka Hot News





