විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැරූ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මේ දක්වා එකම පාර්ලිමේන්තු රැස්වීමකටවත් සහභාගීවී නැති බව වාර්තා වේ.
එහෙත් ඔහු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්වලට සහභාගිවී ඇති බව දැනගන්නට ඇත.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇමැති තනතුරින් ඉවත් කෙරුණේ පසුගිය මාර්තු මස 3 වැනිදා ය.
ඇමැති තනතුරින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාත් ඇමැති තනතුරේ කටයුතුවලින් ඉවත්වූ බව කියන ඇමති වාසුදේව නානායක්කාරත් පාර්ලිමේන්තු රැස්වීම් කිහිපයකටම පසුගිය දිනවල සහභාගි වී තිබිණ.
ඇමති තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ වෙන් කෙරුණේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසන දෙකකි.
-mawratanews