gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුවන් තහනම් දමන සියළු රටවලට පහර දෙනවා..- පුටින් බටහිර තැති ගන්වමින්…

යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ.
රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර දීම ආරම්භ කර ඇත. කීව් අගනුවර ද හමුදා විසින් වට කරනු ලැබ තිබේ.

ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයේ උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් යුක්රේනයට ඇතුළු වී යුද්ධය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය. දින දෙකක් වැනි කෙටි කාලයකදී යුක්රේනය අත්පත් කර ගැනීම රුසියන් ජනාධිපතිවරයාගේ අරමුණ වූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.

කෙසේ නමුත්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී, ජනතාව ඒකරාශී කර ගනිමින්, හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, දිනෙන් දින යුද ගැටුම් දිග්ගැස්සෙමින් පවතී.

මේ වනවිට සෑම බටහිර රටක්ම රුසියන් ජනාධිපති පුටින්ට, ඔහුගේ රජයේ, හමුදාවේ සහ බුද්ධි අංශයේ ප්‍රධානීන්ට, ව්‍යාපාරිකයන්ට, බැංකුවලට ආර්ථික සම්බාධක පනවා ඇත. ඒ, රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමටය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවට පවසා ඇත්තේ යුක්රේන සිවිල් වැසියන් ආරක්ෂා කරමින්, යුක්රේන හමුදාව අඩපණ කිරීමට සටන් කරන ලෙසය. තමන්ට යුක්රේනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් දිගට හරහට පහර දී එය සිදු කළ හැකි නමුත්, යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවනු ඇති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දී ඇත.

මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කරමින්, යුක්රේනයේ සිටින රුසියන් බස කතා කරන රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහයට සහාය පළ කරමින්, ජනාධිපති පුටින්ට ස්තුති කරමින් රුසියාවේ මොස්කව් අගනුවර ජන රැළියක් ද පැවැත්විණි. දහස් ගණනන් පුටින් හිතවාදීහු ඊට සහභාගී වූහ.

– රොයිටර්/ලංකාදීප
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka