gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාදිනල් හිමිට ජිනීවාවලදී ආණ්ඩුවෙන් ඩිනර් එකකට ආරාධනා කරයි! කාදිනල් හිමි එපා කියයි!

අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් හට ජිනීවා නගරයේදී ආණ්ඩුවේ නියෝජිතයන් විසින් ලබා දීමට සූදානම් වූ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඉතා කාරුණික අයුරින් ප්‍රතික්ෂේප කිරීමට උන්වහන්සේ පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ලංකා රජයේ නිත්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කරන සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් කාදිනල් හිමියන්ට මෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා ආරාධනා කිරීමට පියවර ගෙන ඇත.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට උන්වහන්සේ පියවර ගෙන තිබේ.

ආණ්ඩුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන් පිළිබදව ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා අගරදගුරු හිමියන් ජිනීවා වෙත ගොස් තිබිණ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka