gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවෙන් පිරිසක් ඉවතට.. සුසිල්, අනුර, චන්දිම හා රාජ්‍ය ඇමතිවරුන් ඒ අතර.. තොණ්ඩමන්ද තීන්දුව ගනී…

පසුගිය මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට ජයගත් මන්ත්‍රීවරුන් 10 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටින බව දැනුම්දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කොට තිබේ.
මෙම මන්ත්‍රීවරුන් පිරිසට සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ගෙවිඳු කුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රේමනාත් සි දොලවත්තය, රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකුද ඇතුළත් බවද වාර්තාවේ.
මෙම මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක නොකිරීම හා රුපියල පාකර හරිමින් පොදුජන පෙරමුණට ඡන්දය ලබාදුන් ජනතාවට දරාගත නොහැකි ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඉඩ හැර බලාසිටීමට විරෝධය පළකරමිනි.

මේ පිළිබඳ කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළේ උගතුන්, බුද්ධිමතුන් සහ වියතුන් හෑල්ලුවට ලක්කළ මෙවැනි යුගයක් මෙරට ඉතිහාසයේ කිසිදා නොවූ බවයි. පවතින අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩුවේ බලධාරීන්ට කිසිදු උවමනාවක් නොමැති නිසා පොදුජන පෙරමුණෙන් තරග කොට ජයගත් පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීම සඳහා ජනාධිපතිවරයා මුණ ගැසීමට තීරණය කළ බවද හෙතෙම කීවේය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා නොදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට විරෝධය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට එහි දේශපාලන මණ්ඩලයේදී තීරණයක් ගෙන තිබේ.

පසුගිය 23 වැනිදා පැවැති සර්ව පාක්ෂික සමුළුවට ලංකා කම්කරු කොන්ග්‍රසය සහභාගි නොවන්නේද ඒ සඳහා විරෝධය පළකරමිනි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නියෝජ්‍ය ලේකම් කේ සත්‍යවේල් සඳහන් කළේ ජීවන් තොණ්ඩමන්ට හිමි වී ඇති වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වතුකම්කරු ජනතාවට කිසිදු සේවයක් කළ නොහැකි නිසා කුමන හෝ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය කරන ලද ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බවයි.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ලංකා කම්කරු කොන්ග්‍රසයට මන්ත්‍රී ධුර 4ක් හිමිව තිබේ.

රංජිත් ගුණවර්ධන
අරුණ
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka