gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊලඟ ආණ්ඩුව එනතුරු මෛත්‍රීගේ සැලසුම දිගහරී!

ඉදිරි මැතිවරණයකින් ආණ්ඩුවක් එනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදු කරන වැඩපිළිවෙල පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළිදරව්වක් කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කරන්නේ ඊලඟ මැතිවරණයක් තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනෙක් දේශපාලන බලවේග ඒකරාශී කර පක්ෂ 11ත් සමඟ ප්‍රගතිශීලි වැඩපිළිවෙලක් ගෙන යාමට සූදානම් බවයි.

සර්ව පාක්ෂික සමුළුව තියන්න යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 

සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වු බොහෝ පක්ෂ අර්බුදයට විසඳුම් සහිත යෝජනාවලියක් ඉදිරිපත් නොකළ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

එහිදී විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ බවයි හෙතෙම ප්‍රකාශ කළේ.

ගම්පොළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka