gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විමල්ලා එක්ක ගිය දොලවත්ත අගමැති හමුවෙන්න කුරුණෑගලට යයි!

කුරුණෑගල අලුතින් ස්ථාපිත කළ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයේ කටයුතු පිළිබඳ ඊයේ (05) පෙරවරුවේ එහි ගොස් සොයා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

අංක 462, පුත්තලම පාර, යන්තම්පලාව, කුරුණෑගල යන ලිපිනයෙහි එම කාර්යාලය පිහිටා තිබේ.

මෙහි දී කුරුණෑගල දිස්ත්‍රික් මහජන නියෝජිත හමුවක් ද පැවැති අතර ඊට එම දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මහජන නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙන් ම “ගමට සන්නිවේදනය” වැඩසටහන යටතේ කුරුණෑගල ඉදිවන සන්නිවේදන කුලුනු 48 පිළිබඳ ද මෙහි දී මහජන නියෝජිතයන්ගෙන් අමැතිවරයා කරුණු විමසා තිබේ.

මෙම සාකච්ඡාව අතරතුර දී විෂය භාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී කුලුනු ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි ද අගමැතිවරයා උපදෙස් දී ඇත.

මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යාවරු වන ඩී.බී. හේරත්, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, චරිත හේරත්, ප්‍රේමනාත් සී. දොලවත්ත, මංජුලා දිසානායක, අසංක නවරත්න, බී. වයි. ජී. රත්නසේකර, කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මහජන නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka