gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති ධුරවලට පෙරේත නිමල් සිරිපාල – මහින්ද අමරවීර නිසා ශ්‍රීලනිපය දෙකඩ වන ලකුණු!

බහුතර මතය ක්‍රියාත්මක කරගැනීමට නොහැකි මෛත්‍රී දෙළොවක් අතර... 
ඇමති ධුර අත්හරින්නට සූදානම් නැති කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ පරිසර ඇමති මහින්ද අමරවීර නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වන තරම් ප්‍රබල අභ්‍යන්තර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
මේ තත්වය නිසා බරපතල නොසලකා හැරීම්, නිග්‍රහ සහ නින්දා ලබමින්ම ආණ්ඩුවේම සිටිනවා ද ඇමති ධුරවලින් ඉවත්වනවා  යන්න පිළිබඳව නිශ්චිත නිගමනයට පැමිණීමට පක්ෂය අපොහොසත් වී තිබේ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ පුළුල් ලෙස සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.  මේ අවස්ථාවේ කළ යුත්තේ ඇමති ධුර අත්හැර ආණ්ඩුවෙන් ඉවත් වීම නොව ඇමති ධුරවලම  රැඳෙමින් වැඩ කිරීම බව නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර දැඩි ස්ථාවරයක සිට පවසා ඇත.

එහෙත් පක්ෂයේ බහුතර මතය වී තිබී ඇත්තේ ඇමති ධුරවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමය. මේ තීන්දුව සම්බන්ධව අදත් සාකච්ඡා වී තිබිණි. ලංකාව පුරාම සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ගෙන්වා අද ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මූලස්ථානයේ දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවේ දී ඔවුන්ගෙන් බහුතරය දක්වා ඇත්තේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන විය යුතු බවය.

මේ බහුතර මතය ක්‍රියාත්මක කිරීමට ගොස් මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා බිඳී යෑමේ අවදානම හේතුවෙන් මේ සම්බන්ධව තීරණයක් ගැනීම පසුවට කල් දමා තිබේ.

මේ අතර පක්ෂයේ තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ කුමාර වෙල්ගම සමග එකතුවීම සම්බන්ධව යෝජනා කර ඇත. ජීවන් කුමාරතුංග දැනටමත් කුමාර වෙල්ගම සමග එක් වී සිටී.  මේ මතයේ දැඩිව රැඳී සිටින්නේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිය.

කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ රඳවා තබා ගැනීම සඳහා ජනාධිපතිවරයා දැඩි උත්සාහයක නිරතවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සංවාදයක් සඳහා හෙට (06)එම පක්ෂය කැඳවා තිබේ.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka