gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මුදල් ඇමති මාස තුනකින් පාර්ලිමේන්තුවේදී කතා කර නෑ.. පිලිතුරු දෙන්න නියෝග කරන්නැයි කියයි

“රට වියසනයකට මුහුණ දී ඇති අවස්ථාවක මුදල් ඇමතිවරයා රටේ මුල්‍ය තත්වය පිලිබදව මාස 3ක් පාර්ලිමේන්තුවේ කතා කරලා නැ.කථානායකතුමනි මුදල් ඇමතිවරයාට රටේ මුල්‍ය තත්වය පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නයි වහාම නියෝගයක් ලබා දෙන්න” යයි අද(10)පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

‘ගරු කථානායකතුමනි අපේ රටේ වියවස්ථාවේ 148වන වගන්තිය යටතේ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.නමුත් අපේ මුදල් ඇමතිතුමා අවසන් වරට මේ පාර්ලිමේන්තුවේ කතා කලේ පසුගිය දෙසැම්බර් 10ය.දැන් මාස 3ක් වෙනවා. මේ මාස 3න ඇතුලත වචනයක් කතා කරලා නැ.
රටේ වියසනයක් ඇති වෙලා තියනවා සෑම අංශයකම .නමුත් රටේ මුල්‍ය තත්වය පිලිබදව මාස 3ක් එතුමා ප්‍රකාශයක් කරලා නැ .ඉතාමත් අවාසනාවන්ත තත්වයක් .ආණ්ඩු පක්ෂය කැදවලා කරුණු කිව්වා. නමුත් මාස 3ක් පාර්ලිමේන්තුවට වචනයක් කිව්වේ නැ.

එම නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම නියෝගගයක් දෙන්න, පාර්ලිමේන්තුවට රටේ මුල්‍ය තත්වය දැනුම් දෙන්න කියලා. තවත් කල් දාන්න බැ.

ලැජ්ජයි කියන්න පාර්ලිමේන්තුවේ වචනයක් කියන්නේ නැ .නමුත් ලෝකේ වටේ යනවා හිගාකමින්,යුද්දයක් තියන රුසියාවෙනුත් ඩොලර් මිලියන 300 ක් ඉල්ලලා .ලජ්ජා නැද්ද?අනික් කාරණය තමා මුදල් බලය පාර්ලිමේන්තුවට තියෙන්නේ ඔබ තුමා පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කරන්නේ නැත්තම් මොනවද ඔය පුටුවට වෙලා කරන්නේ.

– මාධ්‍ය ඒකකය
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka