ඩොලර් නෑ.. බැංකු කාඩ් නවතී.. ගිණුම් හිමියන් අමාරුවේ!
මෙරට ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගිණුම් හිමියන්ට එම ගිණුම්වලින් ගණුදෙනු කිරීමට අවශ්‍ය කාඩ්පත් නිකුත් කිරීම මාස ගණනාවක සිට අත්හිටුවා තිබෙන බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් ගණුදෙනුකරුවන් මහත් දුෂ්කරතාවයට පත්ව සිටිති.
අලුත් ඉතුරුම් ගිණුම් විවෘත්ත කරන්නට මෙන්ම කාඩ්පත් කල් ඉකුත් වූ පසුව අලුත් කාඩ් පතක් ඉල්ලා සිටින්නටත්, කඩ්පත් අස්ථානගත වූ අයටත් නව කාඩ්පත් ලබාගැනීමට නොහැකි හිමිවීම මත මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට තම ගිණුම් මුලින් මුදල් ලබා ගැනීමට බැංකු ශාඛාවකටම යාමට සිදුවී ඇත.
මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ඒ ඩොලර් හිඟය හේතුවෙන් බැංකු කාඩ්පත් ආනයනය නතර කර තිබීම නිසා කාඩ්පත් හිඟයක් මතුව තිබීමයි.
ඩොලර් නෑ.. බැංකු කාඩ් නවතී.. ගිණුම් හිමියන් අමාරුවේ!
2022-03-02T16:39:00+05:30
Gossip Lanka Hot News




