මත්ද්‍රව්‍ය ජවාරම් කරුවන් සමග මෙන්ම අනීතික කූට චෞරයන් හා එක්ව අතාර්කික වත්කම් උපයා ගත් පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධව සිදුකළ හෙළිදරව්වක් සහිත ලිපියකින් පසු අරුණ’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ චමින්ද සේනාරත්නට මරණීය තර්ජන එල්ල වී තිබේ.
දුරකථන ඇමතුම් ඔස්සේ එල්ලවූ එම ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ඔහු පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පසුගිය සිකුරාදා (18 වැනිදා) පස්වරුවේ ප්‍රවෘත්ති කර්තෘවරයා තම කාර්යාලයේ සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට මෙම තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇත.
0712293495 හා 00916282807305 යන දුරකථන අංක දෙකෙන් මෙම ජීවිත තර්ජනය එල්ල වී තිබේ.
‘‘උඹට වැඩක් නෑ අපේ ලොක්කා හම්බ කරගත්ත විදිහ. ඇයි මඩ ගහන්නෙ… උඹ ඉන්න තැන් අපි ඔක්කොම හොයාගත්තා. නෝනට කියපන් ගෙදර අස්කරලා තියන්න කියලා. උඹට අවුරුදු කන්න ඉඩ තියන්නේ නැහැ.’’ යැයි මුල් දුරකථන ඇමතුමෙන් ප්‍රවෘත්ති කර්තෘවරයාට තර්ජනය කර තිබිණි.
එම ඇමතුමෙන් අනතුරුව පැමිණි ඇමතුම කීවේ ‘‘ඇයි තමුසේ අපේ එස්.පී. මහත්තයාට මඩගහන්නේ. තොට සති තුනක් දෙනවා. හොඳට හුස්ම ගනින්. ගෙදර අස්පස් කරලා තබා ගනින්’’ යැයි දෙවනුව ලබාදුන් ඇමතුමෙන් තර්ජනය කර ඇත.
ප්‍රවෘත්ති කර්තෘවරයා තමාට එල්ලවූ තර්ජනය කුමණ කරුණක් මත එල්ල වූවා දැයි විමර්ශනය කරන ලෙස මෙන්ම තමා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසද ප්‍රවෘත්ති කර්තෘවරයා පොලිස්පතිවරයාගෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ ලිඛිතවම ඉල්ලීමක් කර ඇත.
-lankasara
