gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ගත් ආණ්ඩුව චීනයෙනුත් ඩොලර් බිලියන 2.5ක ණය ඉල්ලලා!

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරක ණය පහසුකමක් චීනයෙන් ඉල්ලා ඇති බව කොළඹ සිටින චීන තානාපති චී ෂෙන්හොන් මහතා සදහන් කළේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මෙම ණය පහසුකම ඉල්ලා ඇත්තේ ඩොලර් බිලියනයක මුදලක් හා භාණ්ඩ මිලදී ගැනීමට ඩොලර් බිලියන එකහමාරක ණය පහසුකමක් ලෙස බවයි.

කෙසේ වෙතත් එම ඉල්ලීම පිළිබඳව සලකා බලමින් සිටින බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය ඉතා හොඳ මිතුරන් බවත් අර්බුදකාරී අවස්ථාවක චීනය මිතුරන් අත් නොහරින බවත් හෙතෙම පැවසීය.

දෙපාර්ශ්වය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුමෙන් චීනය වැඩි වාසි ලබාගැනීමට බලාපොරොත්තු නොවන බව ද හෙතෙම එහිදී කීය.

කෙසේවෙතත් මෙහිදී මාධ්‍යවේදීන් මෙම ණ්‍ය මුදලට අදාළ කොන්දේසි පිළිබද දිගින් දිගටම ප්‍රශ්න කළත් ඊට චීන තානාපතිවරයා පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka