අන්තර් ජාතික මූල්‍ය අරමුදල විසින් සිදුකරන මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට පෙර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම තරනතුරින් ඉවත් කළ යුතු බවට කොන්දේසියක් නිකුත් වී ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව වාර්තා කරන ද මෝනින් පවසන්නේ මෙම කොන්දේසි ප්‍රකාරව අජිත් නිවාඩ් කබ්රාල්ට අද (17) වනවිට සිය තනතුරින් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවය.
මේ ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව මහබැංකු අධිපතිවරයා අග්‍රමාත්‍යවරයාට දැනුම් දී තිබේ. එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ ව්‍යවස්ථාව කෙසේ වෙතත් තනතුරින් ඉවත්වීම වඩාත් සුදුසු බවත් යැයි ද වාර්තා විය.
කෙසේ වෙත්ත අද ඩේලි මිර්ර් පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ තමන්ට ඉල්ලා අස්වීමක් හෝ ඉවත් කිරීමක් සම්බන්ධ කිසිම දැනුම් දීමක් මෙතෙක් සිදුකර නැති බවය.
