මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ උදහසට ලක්වූ පොහොට්ටුවේ ප්‍රධාන පෙළේ කැබිනට් ඇමතිවරයෙක් මන්ත්‍රී පිරිසක් සමග ස්වාධීනවීම සඳහා සැලසුම් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු කැබිනට් ඇමති වාසුදේව නානායක්කාර ස්වේච්ඡාවෙන් අමාත්‍යාංශයේ කටයුතු අත්හැර ඇති වටපිටාවක පොහොට්ටුවේ ඇමතිවරයෙකුත් මන්ත්‍රී පිරිසක් සමග ස්වාධීන වීමට කටයුතු කිරීම ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයේ බරපතලම ස්වරූපය පෙන්වා දී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් අතර ද මත ගැටුමක් උග්‍රවෙමින් ඇති අයුරු අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කර ඇත.
රටේ විධායක ජනාධිපතිගේ බලයත් අභිබවා පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේ බලය සහිත පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ සිය ආධිපත්‍ය පැතිරවීමත්, තමන්ට රුචි නොවන පුද්ගලයින් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමත් නිසා ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය යළිත් පිපිරීමකට ආසන්න බව ද ලැබෙමින් ඇති තොරතුරුවලින් ප්‍රකාශිතය.
-lankasara
