බැසිල් සමඟ පසු පෙළ හදිසියේම පාර්ලිමේන්තුවේ රැස්වේ!
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් අමාත්‍යධූරවලින් ඉවත් කිරීමෙන් පසුව ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා පොදු ජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද සවස 2ට පාර්ලිමේන්තු කමිටු කාමරයක් තුළ පැවැත්වීමට නියමිතය.
විමල් උදය ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුව තුළදී ජනාධිපති, මුදල් ඇමැති, අගමැති ඇතුළු ආණ්ඩුවට පහර දීමට කටයුතු කළොත් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කරන අන්දම ගැන තීන්දු තීරණ ගැනීම මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
බැසිල් සමඟ පසු පෙළ හදිසියේම පාර්ලිමේන්තුවේ රැස්වේ!
2022-03-08T13:23:00+05:30
Gossip Lanka Hot News





