gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධම්මික පෙරේරා සංගක්කාරලාගේ ඉඩමක් කොල්ල කාලා! සන්නස්ගලගෙන් හෙළිදරව්වක්! (VIDEO)

කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ආසන්නයේ ධවල මන්දිරය වගේ බැබලි බැබලී තියෙන එල්.බී. ෆයිනෑන්ස් මූලස්ථානය දැක්කම තමාට "හෙන ගහපං" වගේ ඒවා හිතෙන බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා කියයි.

ඔහු මේ බව කියා සිටින්නේ ඔහුගේ යූ ටියුබ් නාලිකාවට "කොළඹ කතාව - ඉඩම් පරිච්ඡේදය" යන උදෘතයෙන් වීඩියෝවක් මුදාහරිමිනි.

එහිදී 2015 ඡන්දය නිසා ඔහු බංකොළොත් වූ අයුරුද කියා සිටින අතරේ ටියුෂන් පන්ති කරන සමයේ නුවර වැව රවුම අයිනේ, නීතීඥ කැප්පෙටිපොළගේ ගේ ආසන්නයේ, දළදා මාලිගාවට විනාඩි 4ක් දුරින්, ධර්මරාජ පල්ලමේ, කුමාර සංගක්කාරලාගේ ගෙට පහලින් වූ තමාට අයත් පර්චස් 60ක ඉඩම එල්.බී. ෆිනෑන්ස් අයිතිකරගත් ආකාරය ද කියා සිටී.

ඔහු පවසන්නේ පර්චසය රුපියල් ලක්ෂ 3 බැගින්, කොට්ටාවේ HNB බැංකුවෙන් ණයක් රැගෙන එක්කෝටි අසූ ලක්ෂයකට (18,000,000) කුමාර සංගක්කාරගේ පියාගෙන් මිලදී ගත් එම ඉඩම එල්.බී. ෆිනෑන්ස් ආයතනයට ලක්ෂ 250කට ලියදීමට සිදුවූ බවයි.

තමාට ඡන්දයට මුදල් අවශ්‍ය වූ අවස්ථාවේ මේ ඉඩමට මුදල් ගැනීමට එල්.බී. ෆයිනෑන්ස් පූට්ටු කළේ දෙරණ හිමිකරු දිලිත් ජයවීර බවද ඔහු හෙළිකරයි.

කෙසේවුවද, මේ කතාව පම්පොරියක් ලෙසත්, වීඩියෝ තැනින් තැන කියන සන්නස්ගල තමා මේ කතාවට නම් ගම් කිව්වේ සාක්ෂි පිනිස යැයි ද කියා සිටී.

සම්පූර්ණ කතාව පහතින්.
-srilankamirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka