gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුක්‍රේනයේ ශ්‍රී ලාංකිකයන්ට වෙන දේ ගැන ප්‍රකාශයක්!

යුක්‍රේනය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය තවමත් විසඳාගත හැකි මට්ටමක පවතින බව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

ඒ සඳහා මෙරටින් අවශ්‍ය ඕනෑම සහයක් දීමට ද සූදානම් බව යි ඔහු ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා එලෙස අදහස් පළ කළේ යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව ගෙන ඇති තීරණය පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ දී.

යුක්‍රේනයේ වර්ධනයවන යුද බිය හමුවේ එරට සිටින සිය වැසියන් වහාම ගෙන්වා ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක් මේවන විටත් කටයුතු කරමින් පවතිනවා.

මීට පෙර ද විවිධ රටවල්වල යුද වාතාවරණ වර්ධනයවන අවස්ථාවල දී එම රටවල් තුළ සිටි ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ බව ද පීරිස් මහතා පෙන්වා දුන්නා.

මෑතක දී ඇෆ්ඝනිස්ථාන රජය පෙරළා තලේබාන් ත්‍රස්තයින් රට අල්ලා ගත් මොහොතේ ද ඇෆ්ඝනිස්ථානයේ රැකියා කළ ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට කටයුතු කළ බව යි ඔහු සිහිපත් කළේ.

ඒ ආකාරයෙන්ම යුක්‍රේනයේ යුද වාතාවරණයක් හටගතහොත් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ පියවර ගැනීමට සූදානමින් සිටින බව යි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

යුක්‍රේනය වට කරයි

යුක්‍රේනය සම්බන්ධයෙන් යුද බියක් හටගෙන ඇත්තේ රුසියානු හමුදා කාණ්ඩ විශාල ගණනින් යුක්‍රේන දේශ සීමාවේ ස්ථාපනය කර ඇති මොහොතක යි.

එමෙන්ම එම දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදා සිය යුද බලය ප්‍රදර්ශනය කරමින් පුහුණු මෙහෙයුම්වල ද යෙදෙමින් සිටිනවා.

රුසියානු ජනාධිපති පුටින්, යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ තීරණය මේවන විටත් ගෙන ඇති බව ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රමුඛ අමෙරිකා එක්සත් ජනපද පාලනය විශ්වාස කරනවා.

ජනපති බයිඩන් නේටෝ සහ යුරෝපා සංගමයේ නායකයින් අමතා පවසා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ ඕනෑම මොහොතක මෙම හමුදා ආක්‍රමණය සිදුවිය හැකි බවට යි.

සිය බුද්ධි අංශ තොරතුරු හරහා මෙම කරුණු අනාවරණය වූ බව ජෝ බයිඩන් මහතා වැඩිදුරටත් පවසනවා.

මීට පෙර එක්සත් ජනපදය විශ්වාස කළේ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය, මේවන විට බීජිං නුවර පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල අවසන් වීමෙන් අනතුරුව සිදුවනු ඇති බවට යි.

එහෙත් ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතරතුරේදීම මෙම ආක්‍රමණය සිදුවනු ඇති බවට සිය බුද්ධි අංශ තොරතුරු පෙන්වා දෙන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ද මේවන විට පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka