තමාට ලබා දුන් රාජ්‍ය ඇමති ධූරයෙන් වැඩක් නැති බව ජයන්ත සමරවීර මහතා අනාවරණය කරනවා.
වගකීමක් නැති ඇමතිකම
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් වැඩි දුරටත් සඳහන් කරන්නේ තමාට ඉටුකිරීමට විෂය පථයක් නොමැති බැවින් තමා කාර්ය භාරයක් නොමැති ඇමතිවරයෙක් හැටියට සිටින බවයි.
වැදගත් වන්නේ ඇමති පට්ටමේ තියෙන කෑලි ටික හෝ තියෙන ආයතන ගණන නොව කරන්නට වැඩ කොටසක් ලැබීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
තමාගේ රාජ්‍ය ඇමති ධූරයට අදාළව තිබෙන කෑලි හුදු නම් පමණක් බව පෙන්වා දෙන ඔහු දැන් තමා මන්ත්‍රීවරයෙක් ලෙස විදිහට වැඩ කරන බවයි සඳහන් කරන්නේ.
කැපිල්ලට හේතුව
තමා නියෝජනය කරන විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණට ලබාදී තිබෙන්නේ එක් කැබිනට් ඇමති ධූරයක් හා එක් රාජ්‍ය ඇමති ධුරයක් බව අනාවරණය කරන ඔහු තමා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කිරීම මෙසේ තමාව නොසලකා හැරීමට හේතුවී ඇති බවයි අවධාරණය කරන්නේ.
ජයන්ත සමරවීර මහතාට අදාල රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ගුදම් පහසුකම්, බහලුන් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු, නැව් කර්මාන්ත සංවර්ධන යන විෂයන් පවරා තිබෙනවා.
සමරවීර මහතා මේ අදහස් පළ කළේ සති අන්ත ජාතික පුවත්පතක් සමග සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
-asianmirror
