දෙමළ සන්ධානය මන්ත්‍රීවරු ජනපති කාර්යාලය ඉදිරිපිට බිම වාඩි වී උද්ඝෝෂණයක! ජනපති මාධ්‍ය ඒකකයෙන් හදිසියේම දුන් නිවේදනය මෙන්න
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධතාවක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.
කලින් වේලාවක් වෙන් කර නොගෙන මෙම දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා අද දින මෙසේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ඇති බව දැනගන්නට ඇත.
නමුත් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙනත් රාජකාරී කටයුත්තක් සදහා කාර්යාලයෙන් බැහැරව ගොස් ඇති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ කලින් දැනුම් දීමක් නොකොට මෙසේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා දැක්වීම ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත වැරදි අවබෝධයක් ලබා දීමට කෙරෙන කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකි බවකි.
දෙමළ සන්ධානය මන්ත්‍රීවරු ජනපති කාර්යාලය ඉදිරිපිට බිම වාඩි වී උද්ඝෝෂණයක! ජනපති මාධ්‍ය ඒකකයෙන් හදිසියේම දුන් නිවේදනය මෙන්න
2022-02-24T12:44:00+05:30
Gossip Lanka Hot News





