විමල් වීරවංශ, උදය ගම්ම්න්පිල සහ වාසුදේව නානායක්කාර ඇතුලු ආණ්ඩුවේ පක්ෂ 11ක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසට රැස්වී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට ඇත.
ඊයේ රාත්‍රියේ පැවැත්වී ඇති මෙම සාකච්ජාව සවස 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වීම ඇති බව වාර්තා වේ.
මෙහිදී රටේ දැනට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සදහා වූ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් අදියරේ සාකච්ජා පැවැත්වී ඇති බව ද දැනගන්නට ඇත.
මෙම යෝජනාවලිය ලබන 02 වැනිදා තලවතුගොඩ පිහිටි මොනාර්ක් හෝටලයේදී ජනගත කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.
