gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

(EXCLUSIVE) "ගුණමකුවකු වෙන්න එපා": ආර් ප්‍රේමදාස ගැන තිස්සගෙන් ෆොන්සේකාට පිළිතුරක්!

තිස්ස අත්තනායක මහතා සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයායි.

ඔහු පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට පිළිතුරක් ලබා දෙනවා.

සභාපතිගේ විග්‍රහය

ඒ ෆොන්සේකා මහතා හිටපු ජනපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා ගැන ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකට.

සිය පියාණන් වන හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ගැන රැස්වීම් වලදී මතක් නොකරන ලෙස තමා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට උපදෙස් දුන් බවට හෙළිදරව්වක් ෆොන්සේකා මහතා විසින් කර තිබුණා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබුනේ ඒ පරණ දේවල් මතක් කර සමගි ජන බලවේගයට ඉදිරියට යා නොහැකි බවයි.

ජාතික සංවිධායකගේ පිළිතුර

එම ප්‍රකාශය සම්බන්ධයෙන් අත්තනායක මහතාගෙන් විමසීමක් කළා.

"කවුරු කොහොම කිව්වත් ගම් මට්ටමින් තවමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන විශාල ගෞරවයක් තිබෙනවා. පැරණි ඡන්දදායකයන් වැඩිහිටියන් තාමත් ප්‍රේමදාස මහතාට බොහෝ සේ ආදරය කරනවා.ගෞරව කරනවා.ඒ ආදරය , ගෞරවය සමගි ජන බලවේගය දිනා ගත යුතුයි.ආරක්ෂා කරගත යුතුයි" යයි අත්තනායක මහතා අවධාරණය කරනවා.

ආර් ප්‍රේමදාස යනු මේ රටේ පරිවර්තනයක් ඇති කළ නායකයෙක් බව අත්තනායක මහතා මතක් කර දෙන්නේ රණසිංහ ප්‍රේමදාස ප්‍රතිරූපයට පයින් ගසා, අමතක කර ගුණමකුවකු ලෙස සමගි ජන බලවේගයට ඉදිරියට යා නොහැකි බවත් සිහිපත් කරමින්.

දේශපාලන ගමනේ ආරම්භය

රණසිංහ ප්‍රේමදාස මහතා අමතක කරන්න යයි කියන අයට අත්තනායක මහතා මතක් කර දෙන්නේ ඔන්න ඔය කාරණා ටික.

අත්තනායක මහතා සිය පාර්ලිමේන්තු දේශපාලන ගමන ආරම්භ කළේ රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරය දැරූ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ලෙස.

ඒ 1989 දී.

-ඒෂියන් මිරර් 


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka