gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුට්ටිආරච්චි බිරිඳගේ උපන්දිනයට BMW රථයක් තෑගි කරයි

ආණ්ඩු පක්ෂයේ කටකාර මන්ත්‍රිවරයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින තිස්ස කුට්ටිආරච්චි මහතා සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් නවතම BMW රථයක් තෑගි දී ඇත.

පසුගිය දිනවල ජනතා සේවය කිරීම සඳහා රජයෙන් වාහන ලබා දිය යුතු යැයි දිගින් දිගටම පැවසූ කුට්ටිආරච්චි මහතා සිය බිරිඳට තෑගි ලෙස BMW රථයක් ලබා දීම විශේෂත්වයකි.

පසුගියදා යූටියුබ් නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර ඇත.

ආණ්ඩුව තුළ හිඳිමින් ආණ්ඩුව විවේචනය කරන උදය ගම්මන්පිල, විමල් වීරවංශ ,වාසුදේව නානායක්කාර වැනි අය ආණ්ඩුව විවේචනය කිරීමෙන් වැළකිය යුතු බවත් එසේ කරනවා නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවද ඔහු පවසයි.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමුපකාර ආයතනයක් සතු කැබ් රථයක් පසුගිය මහමැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමට කුට්ටිආරච්චි මහතාට නොහැකි වීමද විශේෂත්වයකි.
 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka