මෙරට ඇති වී තිබෙන ඩීසල් හිගයට ප්‍රධාන හේතුව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ කට මිස වැඩ නැති කෙරුවාව බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ මෙවන් පුද්ගලයන්ට තීරණාත්මක ඇමතිකම් දීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බවයි.
උදය ගම්මන්පිල මහතාට බලශක්ති අමාත්‍ය ධූරය ලබා දී ඇත්තේ සහ ඒ සදහා බල ඇත්තේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් වන අතර සභාපතිවරයා අභියෝග කරන්නේ ජනාධිපතිවරයාගේ එම තීරණයයි.
අදාල සටහන මෙසේය.
“ඩීසල් හිගයට ප්‍රධාන හේතුව ගම්මන්පිල ඇමතිවරයාගේ කට මිස වැඩ නැති කෙරුවාවයි. අත්දැකීම් නැති හුදු කටකාරකම පමණක් ම ඇති මෙවැනි පුද්ගලයින්ට තීරණාත්මත ඇමතිකම් දීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදකි”