නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය මෑත කාලෙයේ කුඩු ජාවාරම්කරුවකුගේ දේපල සම්බන්ධයෙක් කළ විශාලතම වැටලීම අද (24) උදෑසන සිදු කර තිබේ.
මීගමුව පිටිපන මූහුදු තීරයට මූණ ලා තිබුණු පර්චස් 100ක ඉඩමක් හා එහි ඉදි කර තිබුණු හෝටලයක් මේ දේපල අතර වේ.
අවුරුදු 2ක් තිස්සේ පෞද්ගලික ආරක්ෂක සමාගමකින් ලබා ගත් මුරකරුවකු ගේ ආරක්ෂාව යටතේ මෙම විලා වර්ගයේ හෝටලය තිබී ඇති අතර වැටලීම කරන අවස්ථාව වන විට එහි පිහිනුම් තටාකයක් ඉදිකිරීමට අවශය කැනීම්ද කර තිබුණි.
මේ වන විට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය පොලිස් විශේෂ කාර්යබලකාය හා පොලිස් සුනඛ අංශයේ සහයෙන් මුලු භූමියම විශේස පරීක්ෂාවකට ලක්කරමින් තිබේ.
