gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගෙන ගිය බසයට වෙඩි උණ්ඩ ආවේ කොහොමද?

ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් චන්දිගාර් පොලිසියේ නිලධාරීන් සොයා ගෙන තිබේ.

මාර්තු 4 වැනිදා සිට පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයට පෙර  ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පුහුණුවීම් සඳහා  චන්දිගාර් හි ලලිත් හෝටලයේ සිට මොහාලි හි ආර් එස් බින්ද්‍රා ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැගෙන යාමට භාවිතා කරන පුද්ගලික බස් රථයක ගමන් මලු තබන කොටසේ තිබී සෙනසුරාදා සාමාන්‍ය පරීක්ෂාවකදී පොලිසිය විසින් මෙම වෙඩි උණ්ඩ දෙක සොයා ගන්නා ලදී.

අයිටී පාර්ක් හි හෝටල් සංකීර්ණය තුළ බස් රථය නවතා තිබියදී පොලිසිය විසින් බස් රථය පරීක්ෂා කිරීමේදී මෙම සොයාගැනීම සිදුව ඇත.

මේ පිළිබඳ පොලීසියේ මෙතෙක් මූලික විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව එරට වාර්තා පවසයි.

මෙම පෞද්ගලික බස් රථය චන්දිගාර් සිට ක්‍රියාත්මක වන ටාරා බ්‍රදර්ස් වෙතින් පසුගියදා පැවති  විවාහ උත්සවයක් සඳහා  කුලියට ගෙන ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තහනමක් තිබියදීත්, පන්ජාබ්හි විවාහ උත්සව අතරතුර වෙඩි තැබීම සාමාන්‍ය දෙයකි.

පාවිච්චි කරන ලද කාට්රිජ් සොයා ගැනීම ගැන පොලිස් නිලධාරීන් දැඩි ලෙස මුනිවත රකින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍යයට මේ පිළිබඳ අදහස් දැක්වීම ද එරට පොලිසිය මඟහරින බව එම වාර්තාවල දැක්වේ.

-nethgossip


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka