"අපි හිඟන්නො නෙමෙයි...අපි අසරණයෝ.." - බන්දුලට,ශිරන්තිට,චන්ද්‍රිකාට කතා කළා.ජලනිටත් කතා කළා...එක්කෙනයි උදව් කළේ! (VIDEO)
ගෑස් පිපිරීමක් හේතු කොටගෙන සිය බිරිය පිලිස්සී පවුලම අසරණ වූ නමුත් කිසිවකුත් සිය පවුල සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බවත් ගෑස් වින්දිතයන්ගේ සංගමයේ කැදවුම්කරු සහ මහලේකම් මිලින්ද ප්‍රේමරත්න මහතා පැවසීය.
තමන් මේ සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට, අගමැති ආර්යා ශීරන්ති රාජපක්ෂ මහත්මියට, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සහ ජලනි ප්‍රේමදාස මහත්මියටද කතා කළ බව ඒ මහතා කීය.
නමුත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හැරුණු විට කිසිවකුත් උපකාර නොකළ බවත් ඒ මහතා කීය.
ගෑස් අනතුරු සම්බන්ධයෙන් රක්ෂණය කර ඇති බව සදහන් වුවත් තවමත් සිය පවුලට කිසිදු සහනයක් නොලැබුණු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
"අපි හිඟන්නො නෙමෙයි...අපි අසරණයෝ.." - බන්දුලට,ශිරන්තිට,චන්ද්‍රිකාට කතා කළා.ජලනිටත් කතා කළා...එක්කෙනයි උදව් කළේ! (VIDEO)
2022-02-28T12:29:00+05:30
Gossip Lanka Hot News





