gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුක්රේනයට හතරවටෙන්ම අතිනවීන යුද ආධාර ගලා එයි! පුටින් ඉල්ලන් කයිද? (PHOTOS)

රුසියානු ආක්‍රමණය හමුවේ නාමිකව පමණක් යුක්රේනයට සහාය දක්වන බවට චෝදනා ලැබූ බටහිර රටවල් රැසක් ඇතිව තිබෙන තත්වය හමුවේ මේ වන විට යුක්රේනයට යුද උපකරණ සැපයීම වේගවත් කිරීමට පියවර ගෙන ඇත.

රුසියානු ආක්‍රමණිකයන්ට යුක්රේන හමුදා දැඩි ප්‍රතිචාර දැක්වීමත් සමඟ රුසියානුවන්ට ආක්‍රමණය වෙනුවෙන් උපරිම මිලක් ගෙවීම සහතික කිරීම නැතහොත් උපරිම හානියක් කිරීම බටහිර රටවල අරමුණ වී ඇත.

ඒ අනුව යමින් ජර්මනිය විසින් ඊයේ යුධටැංකි නාශක අවි 1000 ක් සහ ස්ටිංගර් ගුවන් යානා නාශක මිසයිල 500 ක් යුක්රේනයට ලබා දීමට කටයුතු කර තිබේ

ගැටුම් පවතින කලාපවලට ආයුධ අපනයනය නොකරන බවට දිගුකාලයක් තිස්සේ ජර්මනියේ පැවති නීතියක්ද ඉවත් කරමින් මෙම අවි සැපයීමට ජර්මනිය තීරණය කිරීම සුවිශේෂි තත්වයකි.

පසුගිය සෙනසුරාදා බෙල්ජියමද නිවේදනයක් නිකුත් කරමින් යුක්රේන හමුදාවට මැෂින් තුවක්කු 2000 ක් සහ ඉන්ධන ටොන් 3800 ලබා දෙන බව සදහන් කළේය.

ඊට අමතරව නෙදර්ලන්ත රජයද ප්‍රකාශ කළේ තමන් ස්නයිපර් රයිපල් සහ හමුදා හිස්වැසුම් ලබාදී ඇති බවත් ස්ටිංගර් ගුවන් යානා නාශක මිසයිල 200 ක් හැකි ඉක්මනින් යුක්රේනයට ලබා දෙන බවත්ය.

මේ අතර චෙක් ජනරජය පිස්තෝල 30,000 ක්, ප්‍රහාරක රයිෆල් 7,000 ක්, මැෂින් තුවක්කු 3,000 ක්, ස්නයිපර් තුවක්කු දුසිම් කිහිපයක් සහ කාට්රිජ් මිලියනයක් පමණ ලබා දී ඇති බව සඳහන් වේ. ‍

තවද රුසියාවේ “ම්ලේච්ඡ සහ ප්‍රකෝපකාරී ප්‍රහාරයට” එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපදය ද යුක්රේනයට ඩොලර් මිලියන 350 ක අතිරේක හමුදා උපකරණ ලබා දෙන බව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සෙනසුරාදා නිවේදනය කළේය.

බ්‍රිතාන්‍ය රජයද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ යුක්‍රේනයට මාරාන්තික ආරක්ෂක අවි ඇතුළු අතිරේක හමුදා සහාය ලබාදීමට තමන් සූදානම් බවයි.

මේ අතර ග්‍රීසියද යුක්රේන රජය මගින් කරන ලද ඉල්ලීමකට අනුව C 130 හමුදා ගුවන් යානා දෙකක් මගින් පෝලන්තය හරහා යුක්රේනයට හමුදා සැපයුම් ලබාදීමට එකඟ වී ඇත..

පෘතුගාලයද යුක්රේනයට හමුදා සැපයුම් ලබා දීමට නියමිත බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඔවුන් පතුරම්, හමුදා හිස්වැසුම්, නයිට් විශන් කණ්නාඩි සහ අත්බෝම්බ ලබා දෙන බව ප්‍රකාශ කොට ඇත.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka