ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ කර්මාන්ත ඇමති විමල් වීරවංශ ගේ බිරිය වූ ශෂී වීරවංශට අදාළ නඩු දෙකෙහි නඩු විභාගය අවසන් වීමෙන් පසු එහි නියෝගය ලබන මාර්තු මස 10 වැනිදාට ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල අද (11) දින නියම කළේය.
මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටි අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති අද (11) අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
මෙම නඩුවට අදාළව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම නඩුවේ විත්තියේ සහ පැමිණීල්ලේ සාක්ෂි විමසා අවසන් වීමෙන් පසු නඩු තීන්දුව ලබාදීම සදහා නඩුව කල් තැබිමට අධිකරණය තීරණය කළේය.
ලංකාදීප –
