ශානිගෙ ජීවිතේ අවදානම්! ඔහුව ස්වාභාවික ඝාතනයකට තල්ලු කරනවා? විපක්ෂනායක බරපතළ ප්‍රකාශයක් කරයි! (VIDEO)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව විශාල අවදානමක් මේ වෙනකොට මතුවෙලා තියෙන බවත්, විශේෂයෙන් ම එතුමා ඉලක්ක කරගෙන සිදුවෙන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ඉතාම කනගාටුදායක ලෙස සහ බියජනක තත්ත්වයක තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
“ඉතාම කුප්‍රකට විදිහට එතුමාව සැලසුම් සහගත ලෙස “ස්වභාවික ඝාතනයකට” තල්ලු කරමින් ඉන්නවාද කියන සාධාරණ සැකය අපිට තියෙනවා.
මීට පෙරත් ශානි අබේසේකරගේ ජීවිතය බරපතළ අර්බුදයකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කරලා තිබුණා. ඒ ගැන අපි 2020 නොවැම්බර් 27 පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.
අද වෙනකොට සියල්ලම කැකිල්ලේ තීන්දු බවට පත්වෙමින් තියෙනවා. එහෙම තත්වයක් ඇතුලේ ශානි අබේසේකර මහතාගේ ජීවිතය පිළිබඳව අපිට සාධාරණ භීතියක් තිබෙනවා.” යැයි ඒ මහතා කීය.
ශානිගෙ ජීවිතේ අවදානම්! ඔහුව ස්වාභාවික ඝාතනයකට තල්ලු කරනවා? විපක්ෂනායක බරපතළ ප්‍රකාශයක් කරයි! (VIDEO)
2022-02-23T12:34:00+05:30
Gossip Lanka Hot News




