අගමැති ලේකම්වරයෙක් මහා වැලි ජාවාරමක! රහස් පොලිසියෙන් පරීක්‍ෂණ!
කන්තලේ ප්‍රදේශයේ වැලි ජාවාරමක් සිදු කළ බව කියන අගමැති සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ගැන රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත.
මෙම වැලි ජාවාරම සිදු වී ඇත්තේ අදාළ සම්බන්ධිකරණ ලේකම් වරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහල ධුරයක් දරමින් සිටියදීය.
අදාල පැමිණිල්ල සිදු කර ඇත්තේ කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා විසිනි.
කන්තලේ සුරියපුර සමනල පාලම අසළ ල සෝමාවතී උද්‍යානය හා මෝය කටවල් ආශ්‍රිතව සිදු වී ඇති මෙම වැලි ජාවාරමෙන් දැවැන්ත පරිසර විනාශයක් වී ඇති බව අනාවරණය වී ඇත.
-lankacnews
අගමැති ලේකම්වරයෙක් මහා වැලි ජාවාරමක! රහස් පොලිසියෙන් පරීක්ෂණ!
2022-02-23T12:48:00+05:30
Gossip Lanka Hot News




