gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ ආන්දෝලනාත්මක රහස් චරිතය ‘සොනික් සොනික්’ එළියට එයි! පරීක්ෂණ පැවැත්වූ ශානිගෙන් අධිකරණයට සාක්ෂිත් එක්ක පෙස්සමක්!

පාස්කු ප්‍රහාරයේ මෙතෙක් අනාවරණය නොවුණු ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකෙන ‘සොනික් සොනික්’ සම්බන්ධයෙන් පළමු වතාවට කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙහිදී අබේසේකර මහතා පෙන්වා දී ඇත්තේ මෙම ‘සොනික් සොනික්’ යන නමින් හැදින්වූ තැනැත්තා භාවිත කර ඇති සිම්පත සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී එය කොළඹ නාගරික රථවාහන පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ නමට ගත් එකක් බවට අනාවරණය වූ බවකි.

පසුව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම සිම්පත රාජ්‍ය බුද්ධි සේවයේ රාජකාරී කරන උපපොලිස් පරීක්ෂකවරයකුට ලබා දී ඇති බව අනාවරණය කරගත් බවත් ශානි අබේසේකර මහතා සිය පෙස්සමෙන් පෙන්වා දී ඇත.

පසුව එම උපපොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ දරද්දී එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙන්වා දෙමින් ප්‍රශ්න කිරීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවකදී පියවර ගත් බවත් ශානි අබේසේකර මහතා සිය පෙස්සම මගින් අනාවරණය කොට ඇත.

නමුත් රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් නොතකා තමන් එම නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබා ඔහු ‘පොඩි සහරාන්’ පිළිබද හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ බවත් අබේසේකර මහතා පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් ‌පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් හරිහැටි පරීක්ෂණ නොකළ බව කියමින් යළි අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවද ශානි අබේසේකර මහතා සිය පෙස්සමෙන් පෙන්වා දී ඇත.

මෙම තොරතුරු කොලම්බෝ ටෙලිග්‍රාෆ් අඩවියේ පළ කර තිබූ අතර පසුව එය උපුටා දක්වමින් ලංකාසර වෙබ් අඩවියද මෙම තොරතුරු අනාවරණය කොට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka