gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආදායම් බදුවලට කෝටි 300ක රිටන් චෙක් දුන් බිස්නස්කාරයෝ!

මේ රටේ කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු බදු ගෙවන්නන් රැසක් රුපියල් කෝටි තුන්සියකට වැඩි වටිනා අගරු චෙක්පත් (මුදල් නොමැති) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදීම නිසා එම බදු මුදල් අය කර ගැනීම ගැටළුකාරීවී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක හෙළිව තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙසේ ලබාදී ඇති අගරු චෙක්පත් සංඛ්‍යාව අට දහස් හැටක් බව පැවසේ.

අගරු චෙක්පත් වටිනාකම ඉහළ යෑමක් පෙනෙන්නට ඇති බවත් අගරු චෙක්පත්වලට අදාල මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු නොකිරීමෙන් බදු ගෙවන්නන්ට රාජ්‍ය ආදායම අවභාවිතා කිරීමට අවකාශ සලසාදී ඇතැයි නිරීක්ෂණය වන බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

රුපියල් ලක්ෂ දහයක් හෝ ඊට වැඩි මුදලක් සහිත අගරු චෙක්පත්එ කකට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බදු ගෙවන්නන් සංඛ්‍යාව 88ක් බවද වාර්තා වේ.

එලෙස ලබාදී ඇති අගරු චෙක්පත් සංඛ්‍යාව 322ක් වන අතර ඒවායේ වටිනාකම කෝටි එකසිය දහයකි.

බදු ගෙවන්නන් සිය බදු වෙනුවෙන් චෙක්පත් ලබා දුන්නද නියමිත බැංකු පහසුකම් ලබා නොදීම නිසා මේ තත්වය මතුව ඇතැයි පවසන විගණන අංශ එකතු කළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු, ආදායම් බදු, ආර්ථික සේවා ගාස්තු, උපයන විට ගෙවීම් බදු හෝ වෙනත් බදු සඳහා මෙලෙස අගරු චෙක්පත් ඉදිරිපත් කර ඇතැයිද සඳහන් කරයි.

මෙසේ ලැබුණු අගරු චෙක්පත් වටිනාකමින් සියයට 10 ක දඩ මුදලක් ඒවා ලබාදුන් අයගෙන් අයකර ගැනීමට මේ වන විට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවද පැවසේ.

-srilankamirror



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka