gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට යුධ ශක්තිය පෙන්වීමට සූදානම් බව පුටින් කියයි...ලෝක යුද්දය එක වෙඩිල්ලක දුරින්?

රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය හේතුවෙන් නේටෝ සංවිධානය සිය හමුදා බල මුළු තර කරමින් සිටි.

මේ වන විට රුසියා දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා රුසියාවෙන් ඉල්ලා ඇත්තේ දැනටමත් බොහෝ පිරිසක් මිය ගොස් ඇති නිසා වහාම යුද්ධය නතර කරන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම යුක්‍රේන භූමිය අල්ලා ගැනීමක් සිදු නොකරන බවත් රුසියාවට එරෙහිව සන්නද්ධව යුක්රේනයේ සිටින්න්න් නිරායුධ කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බවත්ය.

දැනට මෙම ගැටුම්කාරී තත්වය හේතුවෙන් පුද්ගලයන් 150ක පමණ පිරිසක් මියගොස් තිබේ.

යුක්රේනයේ සටන් පවතින ප‍්‍රදේශවල පොදු පහසුකම් විශාල වශයෙන් බිඳ වැටී ඇති අතර යුක්රේන අගනුවර සිටින ජනතාව යුරෝපා දේශසීමාවන් වෙත වේගයෙන් පලා යමින් සිටිති.

මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka