රන්ජන් නිදහස් කිරීමත් සමග සියළු හඬපට ප‍්‍රසිද්ද කරන්න කියයි
සිරදඬුවම් විඳිමින් සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නේ නම් ඔහුගේ දුරකථනයේ සඳහන්ව ඇති හඬ පට සියල්ල සමාජගත කළ යුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
රන්ජන් රාමනායක නිදහස් කරන්න කරන්නැයි පසුගිය කාලය පුරාම මතයක් ගොඩ නැගුනේ කිසිවකු සිරගත කරනවාට කැමති නැති නිසා බවත් පැවසූ ඔහු රන්ජන් රාමනායක අධිකරණයට එරෙහිව කළ ප්‍රකාශවල බරපතළකම රටේ ජනතාව දැනගත යුතු බවද පැවසීය.
දැනට සමාජගත කර ඇත්තේ රන්ජන් රාමනායක ඇත්ත කතා කිරීම නිසා සිරගත කිරීම් කර ඇති බව යැයිද හෙතෙම පැවසීය.
එනිසා අදාළ හඬ සමාජ ගත කිරීමෙන් රංජන් රාමනායක පොලිසිය අධිකරණයට කල බලපෑම් මේ මුළු සමාජයටම දැනගත හැකි වනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
රන්ජන් නිදහස් කිරීමත් සමග සියළු හඬපට ප‍්‍රසිද්ද කරන්න කියයි
2022-02-11T10:14:00+05:30
Gossip Lanka Hot News




