gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනතාවට තරු පෙන්වන ගණනකින් විදුලි බිල ඉහළට!

විදුලි බිල විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීම සඳහා උපක්‍රමයක් වශයෙන් මහජන උපයෝගීතා කොමිසම යොදා ගැනීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බව අනාවරණය වේ.

මේ බව අනාවරණය වන්නේ අද (11) දිනමිණ පුවත්පතෙන් පලකර තිබෙන ප්‍රවෘත්තියකින්ය. එහි සිරස්තලය යොදා තිබෙන්නේ “විදුලි බිල වැඩි කිරීමට මණ්ඩලයේ සූදානමක්” යනුවෙන්ය. එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ “විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට විදුලි බල මණ්ඩලයේ සූදානමක් ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග හෙළිකර සිටියි” යනුවෙනි.

මේ අනුව ආණ්ඩුව විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම පෙන්වා විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බව සනාථ වේ. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වැඩි මුදලක් වැයවන බවත් එය පාරිභෝගිකයාට ලබා දෙන්නේ රුපියල් 15කට බවත් අදාල ප්‍රවෘත්තියේ දක්වා තිබේ. වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ රුපියල් කෝටි 15,000ක ණය මුදලක් විදුලි බල මණ්ඩලය විසින් ඛනිජතෙල් සංස්ථාවට සහ බැංකුවලට ගෙවිය යුතු බවයි.

මේ අනුව ඉතා විශාල ගණනකින් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සැරසෙන බවට පෙරනිමිති පහළ වී තිබේ.

උපුටා ගැනීම : lankatruth


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka